සියල්ලන් බලාසිටි අටවැනි විධායක ජනපති තෝරා පත්කිරිම අද

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේදී අද (20) පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.මැතිවරණයකින් ජනාධිපතිවරයකු තේරා පත්කර ගැනීම වෙනුවට පාර්ලිමේන්තුව මගින් නව ජනපති තෝරා ගැනීම මෙම ඓතිහාසික සිද්ධියයි. ඒ අනුව නව ජනපති තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ සිදුවූවේ තවත් ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක්ද එක් කරමිනි.

එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් නිසි පරිදි යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.

මෙම ඡන්ද විමසීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයක් වේ.මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහ ලේකම්වරයා විසින් කථානායක ද ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබේ. එවිට එම මන්ත්‍රීවරයා තේරීම් භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතු අතර එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කෙරේ.ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කළ යුතුය.

අපේක්ෂකයන් කිහිපදෙනකු සිටින බැවින් දෙවැනි මනාපයද සලකුණු කිරීමට අවස්ථාව සැලසේ. ඒ අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකිය.මෙහිදී අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු ලැබූ ඡන්ද සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් මගින් නව ජනාධිපති තෝරා ගැනේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33