ජයග්‍රහණය සදහා පාකිස්ථානයට තවත් ලකුණු 120ක් 

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්ථාන කණ්ඩායම තරගයේ සිව්වන දිනය නිමා වන විට කඩුළු තුනක් දැවී ලකුණු 222ක් ලබා සිටිනවා.

තවත් ලකුණු 120ක් පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ලබා ගත යුතුයි ඒ කඩුළු 7ක් අතැති‍වයි.

සුපිරි පිතිහරඹයක නියැලෙන Abdullah Shafique ලකුණු 112ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.නායක Babar Azam හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 55ක් රැස්කරගැනීමට සමත්විය.ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 35ක් යොමුකරමින් කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?