ඉන්දීය කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ හරින බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා මර්දන එන්නතෙහි එක් ඇසුරුමක අඩංගු මිලිලීටර් 6 යි දශම දෙකෙන් දශම 5 ක් පමණක් භාවිත කරන බවට වෛද්‍යවරුන් චෝදනා කරනවා. පුද්ගලයෙකුට එක් ඇසුරුමකින් දශම 5 ක්  එන්නත් කර ඉතිරි කොටස භාවිතයට නොගෙන ඉවත් කරන බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. 

මෙම එක් අසුරුමකින් පුද්ගලයන් 12 දෙනෙකුට එන්නත්කරණය සිදුකළ හැකි බවද වෛද්‍යවරුන් සදහන් කරනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ එම එන්නත නිෂ්පාදිත සමාගම දක්වා ඇත්තේ එක් ඇසුරුමකින් දශම පහක් පමණක් ලබාගත යුතු බවයි. එහෙත් වෛද්‍යවරුන් සදහන් කළේ එවැනි නිර්ණායක් එම සමාගම සදහන් කර නොමැති බවයි.

මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පී සී ආර් පරීක්‍ෂණ 4000 ක් පමණ ගොඩ ගැසී ඇති බව වෙත වාර්තා වුණා. ඒ, එහි කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් සහ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05