spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ හරින බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා මර්දන එන්නතෙහි එක් ඇසුරුමක අඩංගු මිලිලීටර් 6 යි දශම දෙකෙන් දශම 5 ක් පමණක් භාවිත කරන බවට වෛද්‍යවරුන් චෝදනා කරනවා. පුද්ගලයෙකුට එක් ඇසුරුමකින් දශම 5 ක්  එන්නත් කර ඉතිරි කොටස භාවිතයට නොගෙන ඉවත් කරන බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. 

මෙම එක් අසුරුමකින් පුද්ගලයන් 12 දෙනෙකුට එන්නත්කරණය සිදුකළ හැකි බවද වෛද්‍යවරුන් සදහන් කරනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ එම එන්නත නිෂ්පාදිත සමාගම දක්වා ඇත්තේ එක් ඇසුරුමකින් දශම පහක් පමණක් ලබාගත යුතු බවයි. එහෙත් වෛද්‍යවරුන් සදහන් කළේ එවැනි නිර්ණායක් එම සමාගම සදහන් කර නොමැති බවයි.

මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පී සී ආර් පරීක්‍ෂණ 4000 ක් පමණ ගොඩ ගැසී ඇති බව වෙත වාර්තා වුණා. ඒ, එහි කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් සහ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?