අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (12) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අභාවය වෙනුවෙන් විශේෂ සටහන තබා ශෝකය පළකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශෝකය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
ජපාන තානාපති හිඩෙආකි මිසුකෝෂි ද මේ අවස්ථාවට සහභාගි වුණා.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් අද (12) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.













