සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඉනිමකින් සහ ලකුණු 39කින්.
මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 364ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණූ 554ක් රැස්කර ගැනීමට සමත් විය.අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිලට සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 151ක් පමණි.ශ්‍රී ලංකා පිලට තරග 1ට 1ක් ලෙස තරගාවලිය සම කිරීමට හැකි විය.දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් වාර්තා කිරීමට සමත් විය
