“නැකත් බල බල ඉන්න එපා වහාම ඉල්ලා අස්වෙන්න” – වසන්ත මුදලිගේ

ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ගාලුමුවදොර අරගලකරුවෝ පවසනවා.

අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ රටේ ජනතාව ඉවත්ව යන්නැයි කී පසු නැකත් අදාළ නොවන බවත්, ඉල්ලා අස්වීම නොදී කුමන හෝ ක්‍රමයකින් තව දවසක් හෝ බලයේ සිටීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බවත්, ඔවුන් ඉල්ලා අස්වන තුරු ජනතාව දැනට අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම්කාර්යාලය යන ගොඩනැගිලි ජනතා අයිතියෙන් ඉවත් නොවනු ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපල ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බවත් ඔහු සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩනොදෙන බව කී මුදලිගේ මහතා ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථාව දෙන්නට නොවේ,” යැයි ද කීවේය.

ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?