“නැකත් බල බල ඉන්න එපා වහාම ඉල්ලා අස්වෙන්න” – වසන්ත මුදලිගේ

ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ගාලුමුවදොර අරගලකරුවෝ පවසනවා.

අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ රටේ ජනතාව ඉවත්ව යන්නැයි කී පසු නැකත් අදාළ නොවන බවත්, ඉල්ලා අස්වීම නොදී කුමන හෝ ක්‍රමයකින් තව දවසක් හෝ බලයේ සිටීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බවත්, ඔවුන් ඉල්ලා අස්වන තුරු ජනතාව දැනට අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම්කාර්යාලය යන ගොඩනැගිලි ජනතා අයිතියෙන් ඉවත් නොවනු ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපල ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බවත් ඔහු සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩනොදෙන බව කී මුදලිගේ මහතා ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථාව දෙන්නට නොවේ,” යැයි ද කීවේය.

ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31