AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයා ගනී (Video)

බදුල්ල – පිටමාරුව පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් අද පස්වරුවේ සොයා ගනු ලැබුවා.ඒ අඩි 1300 ක පමණ ප්‍රපාතයක තිබියදීයි.යුද හමුදාවේ විශේෂ බලකායේ සෙබලුන් රැෆ්ලින් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයට බැස තිබුණා.පසුගිය 6 වනදා රාත්‍රියේ සිට මෙම තරුණයා අතුරුදන්ව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.මොහු තවත් පිරිසක් සමඟ පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා පැමිණ ඇති අතර, එහිදී මෙම පිරිස කූඩාරම් තුල නවාතැන් ගෙන ඇති බව සඳහන්.රාත්‍රී කාලයේ අධික සීතල හේතුවෙන් මියගිය තරුණයා, පිරිස පැමිණි වෑන් රථයට යන බවට පවසා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසු අතුරුදන්වූ ඔහු සොයා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත විශේෂ බලකාය විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.අද සිරුර හමුවූ මෙම තරුණයා කළුතර  මග්ගොන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Image 2021 02 09 at 14.33.20 1 768x1024 1
WhatsApp Image 2021 02 09 at 14.33.20 768x1024 1

පෙර පුවත – පුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?