මාගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනයට හතක් අල්ලයි

ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමකදී තරුණයෙකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07දෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ (07) රාත්‍රියේ ගාල්ල – මාගල්ල ඉන්ධන පිරවුම්හලක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

රාත්‍රියේ ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළෙඳසැලක් ඉදිරිපිට ඉඩ තිබූ ස්ථානයකින් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර තිබෙනවා

ඒ, සමඟ ගැටුමක් ඇති වී තිබෙන අතර, අනතුරව මෝටර් රථයේ පැමිණි පුද්ගලයා මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකුට දැනුම් දී ඇති අතර පසුව ඔවුන් පැමිණ රියදුරුට හිරිහැර කළ පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇති වූ ගැටුමේ දී අදාල 25 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPය එක්ක ඔයාලට හිතන්නත් බෑ හැරෙන්නත් බෑ..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01
Video thumbnail
"තමුන්නැහේ මහ හොරෙක්" - මහින්ද ජයසිංහගේ වරප්‍රසාද කඩවෙලා l Mahinda Jayasinghe
01:57


?