ඇමති කංචනගේ ඉල්ලීමට කෝප් කමිටු සභාපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා බැලීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වර්තා වනවා.

ඒ අනුව ඔවුන් ලබන 12 වනදා පෙරවරු 10.00ට එම කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ.

සභාපතිවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට කෝප් කමිටුවට බලශක්ති අමාත්‍ය කාංචනට ද ආරාධනා කරන බවයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කෝප් කමිටුව හෝ මහජනතාව නො මඟ යවන සුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘කෝප් කමිටු’ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ට්විටර් පණිවුඩයක් මඟින් ඉල්ලීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් අදාල ප්‍රකාශය සිදුකර ඇත්තේ.

ඉන්ධන මිල විටින් විට ඉහළ දමා, ලීටරයක් රුපියල් 500 කට ආසන්න මුදලකට අලෙවි කළ ද, ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මීට පෙර සඳහන් කර සිටියා.

පසුගිය දා කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ ඔහු එහිදී ද ප්‍රකාශ කර සිටියේ ඉන්ධන ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බවයි.

3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14