spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති කංචනගේ ඉල්ලීමට කෝප් කමිටු සභාපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා බැලීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වර්තා වනවා.

ඒ අනුව ඔවුන් ලබන 12 වනදා පෙරවරු 10.00ට එම කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ.

සභාපතිවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට කෝප් කමිටුවට බලශක්ති අමාත්‍ය කාංචනට ද ආරාධනා කරන බවයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කෝප් කමිටුව හෝ මහජනතාව නො මඟ යවන සුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘කෝප් කමිටු’ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ට්විටර් පණිවුඩයක් මඟින් ඉල්ලීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් අදාල ප්‍රකාශය සිදුකර ඇත්තේ.

ඉන්ධන මිල විටින් විට ඉහළ දමා, ලීටරයක් රුපියල් 500 කට ආසන්න මුදලකට අලෙවි කළ ද, ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මීට පෙර සඳහන් කර සිටියා.

පසුගිය දා කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ ඔහු එහිදී ද ප්‍රකාශ කර සිටියේ ඉන්ධන ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බවයි.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?