ලංගම සේවකයන්ට ඉන්ධන නොදුන්නොත් අද සිට බස් රථ වර්ජනයක්

ශ්‍රී ලංගම සේවකයන්ට සේවයට වාර්තා කිරීම් සඳහා පැමිණීමට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ලබා නොදෙන්නේ නම් අද ( 08 ) සිට අඛණ්ඩ ලංගම බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවසීය .

ලංගම සේවකයින්ට නිවසේ සිට රාජකාරියට වාර්තා කිරීමට අවශ්‍ය පෙවුල් ඩිසල් ලබා දෙන ලෙස ලංගම් සභාපතිවරයා සමග පසුගිය 04 වැනිදා සාකච්ඡා කළ බවත් එහිදී සභාපතිවරයා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුකර නැති බවත් නාරාහේන් පිට ශ්‍රී ලංගම් ප්‍රධාන කාර්යාලයේ ඊයේ ( 07 ) පැවැති මාධ්‍ය හමුවේදී ලියනගේ මහතා පැවසිය .

දුම්රිය සහ පෙගද්ගලික බස් රථ පසුගිය දිනවල වර්ජනයන් සිදු කළත් සේවාවන් සැපයීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ලංගම් සේවකයන්ට එම සේවාව තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නිසා මෙම ඉල්ලීම සිදු කරන බවද ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?