AFC Banner
Empty Ad
Empty Ad

පාසැල් සිසුවිය දැලේ දාගත්තු පෙම්වතා කල දේ

ප්‍රේම සම්බන්ධයක් මත නිවසට හොරා පෙම්වතා සමග ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකකට පසුව පෙම්වතා පහරදීමෙන් මව සොයාගෙන නිවසට පැමිණීමේ සිද්ධියක් මාරවිල පොලිසියට ලැබී ඇති පැමිණිල්ලකින් වාර්තා වනවා. මාරවිල මැදමාවිල ප‍්‍රදේශයේ පදිංචි දැරිය 9 වසරේ අධ්‍යාපනය ලබමින් මව සමඟ නිවසේ ජීවත්ව තිබෙනවා.වසරක පමණ කාලයක් පෙම්වතකු ඇසුරු කළ ඇය මවට නොදන්වාම පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගොස් ඇති බව සඳහන්. පෙම්වතා පන්නල ලිහිනියාගම ප‍්‍රදේශයේ අයෙක්. ඔහු දැරියව ඔහුගේ මිතුරකුගේ නිවසට කැඳවාගෙන ගොස් එදින රාත‍්‍රියේ ඇයත් සමඟ අඹුසැමියන් සේ ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු පෙම්වතා ඇයව තම නිවසට කැඳවාගෙන ගොස් ඇති අතර පෙම්වතාගේ මව ඇයව ඇගේ මවට බාරදීමට කැඳවාගෙන ගොස් ඇතත් මව තම දියණිය බාරගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා පෙම්වතා ඇයව කුලී නිවසකට කැඳවාගෙන ගොස් ඇයත් සමග ජීවත් වෙමින් වරින් වර දෙදෙනාම ඇයගේ මව බැලීමට ගොස් තිබෙනවා.ඇය නිතර තම මව බැලීමට යෑම ගැන කෝපයට පත් පෙම්වතා ඇය සමඟ බහින්බස්ව පහරදී ඇති බවද සඳහන්. ඉන්පසු දැරිය තම රෙදිපිළිද ගෙන මවගේ නිවසට පැමිණ තිබෙනවා. මව ඇය සමග මාරවිල පොලිසියට පැමිණ සිද්ධිය දැනුම්දීමෙන් පසුව වින්දිත දැරියගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වනුයේ පන්නල පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි. වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ. යූ. ගුණපාල – හලාවත අධිකරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?