පාසැල් සිසුවිය දැලේ දාගත්තු පෙම්වතා කල දේ

ප්‍රේම සම්බන්ධයක් මත නිවසට හොරා පෙම්වතා සමග ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකකට පසුව පෙම්වතා පහරදීමෙන් මව සොයාගෙන නිවසට පැමිණීමේ සිද්ධියක් මාරවිල පොලිසියට ලැබී ඇති පැමිණිල්ලකින් වාර්තා වනවා. මාරවිල මැදමාවිල ප‍්‍රදේශයේ පදිංචි දැරිය 9 වසරේ අධ්‍යාපනය ලබමින් මව සමඟ නිවසේ ජීවත්ව තිබෙනවා.වසරක පමණ කාලයක් පෙම්වතකු ඇසුරු කළ ඇය මවට නොදන්වාම පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගොස් ඇති බව සඳහන්. පෙම්වතා පන්නල ලිහිනියාගම ප‍්‍රදේශයේ අයෙක්. ඔහු දැරියව ඔහුගේ මිතුරකුගේ නිවසට කැඳවාගෙන ගොස් එදින රාත‍්‍රියේ ඇයත් සමඟ අඹුසැමියන් සේ ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු පෙම්වතා ඇයව තම නිවසට කැඳවාගෙන ගොස් ඇති අතර පෙම්වතාගේ මව ඇයව ඇගේ මවට බාරදීමට කැඳවාගෙන ගොස් ඇතත් මව තම දියණිය බාරගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා පෙම්වතා ඇයව කුලී නිවසකට කැඳවාගෙන ගොස් ඇයත් සමග ජීවත් වෙමින් වරින් වර දෙදෙනාම ඇයගේ මව බැලීමට ගොස් තිබෙනවා.ඇය නිතර තම මව බැලීමට යෑම ගැන කෝපයට පත් පෙම්වතා ඇය සමඟ බහින්බස්ව පහරදී ඇති බවද සඳහන්. ඉන්පසු දැරිය තම රෙදිපිළිද ගෙන මවගේ නිවසට පැමිණ තිබෙනවා. මව ඇය සමග මාරවිල පොලිසියට පැමිණ සිද්ධිය දැනුම්දීමෙන් පසුව වින්දිත දැරියගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වනුයේ පන්නල පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි. වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ. යූ. ගුණපාල – හලාවත අධිකරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09