ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් – අනුර කුමාරගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

ඉදිරියේ දී එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

පසුගිය ජුනි මස 27 වන දින එම ලිපිය පොලිස්පතිවරයා විසින් යවා ඇති අතර අදාල ලිපිය පසුගිය 29 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජුලි මස 05 සහ 06 වනදා ආරම්භවන කළු කොටි සැමරුම ඉලක්ක කරගනිමින් විදේශ ඔත්තු සංවිධානයක් මැදිහත්ව උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ අවස්ථාවක් පවතින බවට අදාල ලිපියේ දක්වා යවා ඇති බවයි අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

මේ වනවිටත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවයකරන පිරිස් හා ප්‍රභූවරුන්ට 05 සහ 06 දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙස දැනුම් දී ඇති බවට එම ලිපියේ සඳහන් වන බවයි ඔහු වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ.

https://youtu.be/_VhgUev3UJ4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26