spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් – අනුර කුමාරගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

ඉදිරියේ දී එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

පසුගිය ජුනි මස 27 වන දින එම ලිපිය පොලිස්පතිවරයා විසින් යවා ඇති අතර අදාල ලිපිය පසුගිය 29 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජුලි මස 05 සහ 06 වනදා ආරම්භවන කළු කොටි සැමරුම ඉලක්ක කරගනිමින් විදේශ ඔත්තු සංවිධානයක් මැදිහත්ව උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ අවස්ථාවක් පවතින බවට අදාල ලිපියේ දක්වා යවා ඇති බවයි අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

මේ වනවිටත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවයකරන පිරිස් හා ප්‍රභූවරුන්ට 05 සහ 06 දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙස දැනුම් දී ඇති බවට එම ලිපියේ සඳහන් වන බවයි ඔහු වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ.

https://youtu.be/_VhgUev3UJ4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?