කන්දකාඩු රැඳවියාගේ මරණයට අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් සිව්දෙනා රිමාන්ඩ්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් දෙදෙනා සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් අද (02) දින පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරු ලෙස රාජකාරී කළ අය බවයි වාර්තා වන්නේ.

දුම්කොළ සන්තකයේ තිබියදී උපදේශකවරුන් විසින් අල්ලා ගැනුණු රැඳවියාගේ මියයාම පිළිබඳ සැකයක් පවතින බවයි එහි අනෙකුත් රැඳවියන් පවසා සිටියේ.

ඒ අනුව එහි සහාය උපදේශකවරු සිව්දෙනෙක් වැලිකන්ද පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මරණකරුට පහරදුන් බවට සැක කෙරෙන වයරයක් සහ උණ පතුරු දෙකක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේ.

අදාල රැඳවියාගේ මියයාම සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පසුගිය ජුනි 29 වනදා එම පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ඇති වූ අතර එහිදී රැඳවියන් විශාල පිරිසක් ඉන් පළාගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26