spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කන්දකාඩු රැඳවියාගේ මරණයට අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් සිව්දෙනා රිමාන්ඩ්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් දෙදෙනා සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් අද (02) දින පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරු ලෙස රාජකාරී කළ අය බවයි වාර්තා වන්නේ.

දුම්කොළ සන්තකයේ තිබියදී උපදේශකවරුන් විසින් අල්ලා ගැනුණු රැඳවියාගේ මියයාම පිළිබඳ සැකයක් පවතින බවයි එහි අනෙකුත් රැඳවියන් පවසා සිටියේ.

ඒ අනුව එහි සහාය උපදේශකවරු සිව්දෙනෙක් වැලිකන්ද පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මරණකරුට පහරදුන් බවට සැක කෙරෙන වයරයක් සහ උණ පතුරු දෙකක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේ.

අදාල රැඳවියාගේ මියයාම සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පසුගිය ජුනි 29 වනදා එම පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ඇති වූ අතර එහිදී රැඳවියන් විශාල පිරිසක් ඉන් පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?