බස් රථවල කැපී පෙනෙන අඩුවක් – බොහෝ දෙනෙක් දුම්රියට ගොඩවෙයි

දුම්රිය ගමන් වාර දෙකක් හැර සෙසු දුම්රිය ගමන් වාර අද (02) දිනය තුළ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් මගී ප්‍රවාහන බස් රථවල පවතින අඩුව සහ බස් ගාස්තුව ඉහළ යාම වැනි කාරණා හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් දුම්රිය මඟින් සිය ගමන් පහසුව සලසා ගැනීමට පෙළඹී සිටිනවා.

මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ අද (02) දිනයේ දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.

මේ වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම සහ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනයට එක්ව නොමැති බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47