spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථවල කැපී පෙනෙන අඩුවක් – බොහෝ දෙනෙක් දුම්රියට ගොඩවෙයි

දුම්රිය ගමන් වාර දෙකක් හැර සෙසු දුම්රිය ගමන් වාර අද (02) දිනය තුළ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් මගී ප්‍රවාහන බස් රථවල පවතින අඩුව සහ බස් ගාස්තුව ඉහළ යාම වැනි කාරණා හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් දුම්රිය මඟින් සිය ගමන් පහසුව සලසා ගැනීමට පෙළඹී සිටිනවා.

මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ අද (02) දිනයේ දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.

මේ වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම සහ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනයට එක්ව නොමැති බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?