AFC Banner
Empty Ad
Empty Ad

කටුවන, මොරගහලගොඩ ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

කටුවන, මොරගහලගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

බෝම්බ ප්‍රහාරයෙන් එම නිවසේ සිටි 43 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක් බරපතළ තුවාල ලබා කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහරෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කටුවන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?