විදුලි බිල සංශෝධනයට අදාල යෝජනා ප්‍රසිද්ධියට පත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කළ යෝජනා හා ඊට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම යෝජනා හා නිර්දේශ සම්බන්ධයෙන් අද (28) සිට සති 03ක කාලයක් මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක පරිභෝජනයක් සහිත නිවසක මාසික විදුලිබිල්පතේ සාමාන්‍ය රුපියල් 54.27 සිට රුපියල් 507.65ක් දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

මෙම සියයට 835ක අපේක්ෂිත මිල ඉහළ නැංවීමක්.

එමෙන්ම විදුලි ඒකක 60ක පරිභෝජනයක් සහිත නිවසක මාසික බිල්පතේ සාමාන්‍ය රුපියල් 192.55 සිට රුපියල් 1,488.33ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබුණා.

එය සියයට 673ක මිල ඉහළ නැංවීමක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර ඒකකයකට අය කළ යුතු මුදල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මුල් විදුලි ඒකක 30 සඳහා එක් ඒකකයක් රුපියල් 2.50 සිට රුපියල් 8.00ක් දක්වා ඉහළ නැංවීමට එම කොමිසමේ යෝජනාවලට ඇතුළත්.

එම ඒකක 30 සඳහා පැවති රුපියල් 30ක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

එමෙන්ම විදුලි ඒකක 31සිට 60 දක්වා වූ විදුලි බිල්පතක ඒකකයක් සඳහා අය කළ රුපියල් 4.85ක ගාස්තුව රුපියල් 10.00ක් ලෙස වැඩි කිරීමටත් එම බිල්පත සඳහා පැවති රුපියල් 60.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ දැමීමටත් මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනාවල ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?