විදුලි බිල සංශෝධනයට අදාල යෝජනා ප්‍රසිද්ධියට පත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කළ යෝජනා හා ඊට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම යෝජනා හා නිර්දේශ සම්බන්ධයෙන් අද (28) සිට සති 03ක කාලයක් මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක පරිභෝජනයක් සහිත නිවසක මාසික විදුලිබිල්පතේ සාමාන්‍ය රුපියල් 54.27 සිට රුපියල් 507.65ක් දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

මෙම සියයට 835ක අපේක්ෂිත මිල ඉහළ නැංවීමක්.

එමෙන්ම විදුලි ඒකක 60ක පරිභෝජනයක් සහිත නිවසක මාසික බිල්පතේ සාමාන්‍ය රුපියල් 192.55 සිට රුපියල් 1,488.33ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබුණා.

එය සියයට 673ක මිල ඉහළ නැංවීමක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර ඒකකයකට අය කළ යුතු මුදල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මුල් විදුලි ඒකක 30 සඳහා එක් ඒකකයක් රුපියල් 2.50 සිට රුපියල් 8.00ක් දක්වා ඉහළ නැංවීමට එම කොමිසමේ යෝජනාවලට ඇතුළත්.

එම ඒකක 30 සඳහා පැවති රුපියල් 30ක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

එමෙන්ම විදුලි ඒකක 31සිට 60 දක්වා වූ විදුලි බිල්පතක ඒකකයක් සඳහා අය කළ රුපියල් 4.85ක ගාස්තුව රුපියල් 10.00ක් ලෙස වැඩි කිරීමටත් එම බිල්පත සඳහා පැවති රුපියල් 60.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ දැමීමටත් මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනාවල ඇතුළත්.

  1. මෙම වැඩි කිරීමෙ තීරණයට අනුව වැදගත් වෙන්නෙ සාමාන්‍ය භාවිතා කරන නිවසකට cfl,led බල්බ් අර පරිස්පාසමෙන් පාවිචිචි කලද,මසකට අවම වශයෙන් රු 5000/ක් ඉක්මවයි.එය වැඩි කිරීම අරමුණ වගෙම දැනට පත්ජවෙලා තියෙන වාතාවරණයකට අනුව ජනතාවගෙ ආදායම ඉහල යාම කෙසෙ වෙතත්,නැත්තටම නැතිවෙලා හො 50% කින් අඩු වෙලා ඇත.මෙවැනි තත්වයකි බොහො විට වැඩි පිරිසක් එය ගෙවීමට නොහැකිව ,ලං වි මණ්ඩලයට දිනපතා විසන්ධි කිරීමට කාර්යබහුල වීම නමි නිසැකය.වැඩී කිරීම හැර වෙන විකල්පයක් නැතහොත්
    ඒකක 30ට 5%
    ඒකක 60ට. 7%
    ඒකක. 90ට 9%
    ඒකක 150ට. 10%
    ඒකක. 200ට 12% මෙය මධ්‍යම පංතියෙ අඩු ආදායමි ලාභීන්ට.
    ඒකක 200ට ඉහල පාවිචිචි කරන අය ඉහල මධ්‍යම පංතිය හා පොහොසත් සුඛොපබොගි ජීවිතයක් ගත කරන අයට 100% වැඩි කරත් ඔවුන්ගෙ ජිවනයට කිසිම හානියක් නොවෙනු ඇත.
    ඉහත සදහන් ලෙඛනයට අනුව එය සුලු වත් කියා නිගමනයට එන්න එපා.එම පංතිය එදිනෙදා තමන්ගෙ කෑමවෙල පිරිමහගන්නෙ කෙසෙ දැයි කියා සිතන අය වෙති.

    • මුන්ට හෙන ගහනව, මෙහෙම වැඩිකෙරුවොත් මිනිසුන්ට ලයිට් නොදා කරුවෙලා හිටියත් බිල 500 වෙයි. අඩුම ඒකක 120 එහාවත් වැඩි කලානම් හරි, වේලක් නොකා වේලක් කන මිනිසුන්ට කොහොම දරා ගන්නද?.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14