ඉන්දියාවේ ග්ලැසියර ඛාදනයෙන් 170 දෙනෙකුට අත්වූ ඉරණම

ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ හිමාල අඩවිය ආසන්න චාමෝලි ප්‍රදේශයේදී ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් ඇති වූ මහා ජල ගැල්ම නිසා මේ වනවිට පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 170 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

ග්ලැසියර ඛාදනයත් සමඟ ආලකන්දා සහ ධූලිගංඟා, ගංඟාවන් පිටාර ගලමින් මහා ජල ගැල්මක් ඇති වූ අතර, ගම්මාන රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

පාලම් 05ක් ජල ගැල්මෙන් ගසාගෙන ගොස් ඇති අතර, ඉදිකරමින් තිබූ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් මුළුමනින්ම විනාශ වීමත් සමඟයි වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට ඉන්දීය ආරක්ෂක හමුදා සහ කිමිඳුම්කරුවන් එක්ව සිටින අතර, උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ අනතුරට පත් සියල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ජල ගැල්මත් සමඟ ඉදිකරමින් තිබූ උමං මාර්ගයක සිරවී සිටි පුද්ගලයින් 12 දෙනෙකු මුදාගෙන ඇති අතර, කිලෝමීටර් දෙකහමාරක් පමණ දිගැති තවත් උමඟක සිර වී සිටින පුද්ගලයින් තිස් දෙනෙකු පමණ බේරා ගැනීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09