spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ග්ලැසියර ඛාදනයෙන් 170 දෙනෙකුට අත්වූ ඉරණම

ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ හිමාල අඩවිය ආසන්න චාමෝලි ප්‍රදේශයේදී ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් ඇති වූ මහා ජල ගැල්ම නිසා මේ වනවිට පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 170 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

ග්ලැසියර ඛාදනයත් සමඟ ආලකන්දා සහ ධූලිගංඟා, ගංඟාවන් පිටාර ගලමින් මහා ජල ගැල්මක් ඇති වූ අතර, ගම්මාන රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

පාලම් 05ක් ජල ගැල්මෙන් ගසාගෙන ගොස් ඇති අතර, ඉදිකරමින් තිබූ කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් මුළුමනින්ම විනාශ වීමත් සමඟයි වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට ඉන්දීය ආරක්ෂක හමුදා සහ කිමිඳුම්කරුවන් එක්ව සිටින අතර, උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ අනතුරට පත් සියල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ජල ගැල්මත් සමඟ ඉදිකරමින් තිබූ උමං මාර්ගයක සිරවී සිටි පුද්ගලයින් 12 දෙනෙකු මුදාගෙන ඇති අතර, කිලෝමීටර් දෙකහමාරක් පමණ දිගැති තවත් උමඟක සිර වී සිටින පුද්ගලයින් තිස් දෙනෙකු පමණ බේරා ගැනීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?