‘මරුති’ නිර්මාතෘ ජීවන ගමන නිමකරයි

සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ‘මරුති’ සමාගමේ නිර්මාතෘ වී ක්‍රිෂ්ණමූර්ති ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී මියයනවිට වී ක්‍රිෂ්ණමූර්ති 97 වන වියේ පසුවුණා.

මරුති මෝටර් සමාගම ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට ලක් සමාගමක් වන අතර වී ක්‍රිෂ්ණමූර්ති සැලකෙන්නේ ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුරෝගමියෙකු ලෙසයි.

අභාවප්‍රාප්ත වූ වී ක්‍රිෂ්ණමූර්තිගේ අවසන් කටයුතු සඳුදා එනම් අද (27) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

මරුති සුසුකි නමින් වර්තමානයේ හඳුන්වන සුප්‍රකට මෝටර් රථ සමාගම ආරම්භක අවධියේ ‘මරුති උදියෝග්’ යන නමින් හඳුන්වනු ලැබුවා.

මරුති සුසුකි වත්මන් භාර්ගවා සඳහන් කළේ ක්‍රිෂ්ණමූර්ති කැපී පෙනෙන නායකයෙකු සහ දූරදර්ශී පුද්ගලයෙකු බවයි.

එමෙන්ම වී ක්‍රිෂ්ණමූර්ති, TVS මෝටර් සමාගම ගොඩනැගීම සඳහා තමන්ට උපකාරයන් රැසක් සිදුකළ පුද්ගලයෙකු බව TVS මෝටර් සමාගමේ සභාපති වියානා ශ්‍රීනිවාසන් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18