spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මරුති’ නිර්මාතෘ ජීවන ගමන නිමකරයි

සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ‘මරුති’ සමාගමේ නිර්මාතෘ වී ක්‍රිෂ්ණමූර්ති ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී මියයනවිට වී ක්‍රිෂ්ණමූර්ති 97 වන වියේ පසුවුණා.

මරුති මෝටර් සමාගම ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට ලක් සමාගමක් වන අතර වී ක්‍රිෂ්ණමූර්ති සැලකෙන්නේ ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුරෝගමියෙකු ලෙසයි.

අභාවප්‍රාප්ත වූ වී ක්‍රිෂ්ණමූර්තිගේ අවසන් කටයුතු සඳුදා එනම් අද (27) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

මරුති සුසුකි නමින් වර්තමානයේ හඳුන්වන සුප්‍රකට මෝටර් රථ සමාගම ආරම්භක අවධියේ ‘මරුති උදියෝග්’ යන නමින් හඳුන්වනු ලැබුවා.

මරුති සුසුකි වත්මන් භාර්ගවා සඳහන් කළේ ක්‍රිෂ්ණමූර්ති කැපී පෙනෙන නායකයෙකු සහ දූරදර්ශී පුද්ගලයෙකු බවයි.

එමෙන්ම වී ක්‍රිෂ්ණමූර්ති, TVS මෝටර් සමාගම ගොඩනැගීම සඳහා තමන්ට උපකාරයන් රැසක් සිදුකළ පුද්ගලයෙකු බව TVS මෝටර් සමාගමේ සභාපති වියානා ශ්‍රීනිවාසන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?