LPL විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචියට තිබූ අවසන් දිනය දීර්ඝ කෙරේ

2022 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය වෙනුවෙන් ‘විදේශීය ක්‍රීඩකයින්’ ලියාපදිංචි කිරීමේ අවසන් දිනය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලියාපදිංචිවීමේ අවසන් දිනය ලබන 28 වනදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචියවීම සඳහා අවසන් දිනය ලෙස මීට පෙර දැක්වුණේ ජුනි 23 වනදායි.

ක්‍රීඩකයින් සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ ඉල්ලීම් කිහිපයකට අනුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනේ.

විදේශීය ක්‍රීඩකයින් International Ruby, International Sapphire, International Diamond A, B, සහ International Platinum වැනි කාණ්ඩ කිහිපයක් යටතේ ලියාපදිංචිවීම සිදුකරනවා.

2022 එල්.පී.එල් තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36