සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීම ළඟදීම

දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සිදු කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සහ ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳව පෙර දිනයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවිය සහ යෙදවුම මඟින් ප්‍රකාශයට පත් කර කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2600කට සීමා කරමින් ඉන්ධන නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා ඇත්තේ ටැංකි රථ 450ක් පමණ බැවින් එක් දිනක් තුළ සියලු පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට හෝ එක් පිරවුම්හලකට එක් දිනක දී කිහිපවරක් ඉන්ධන නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඒ, අනුව පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමාණයට සරිලන පිරිසකට වඩා වැඩියෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කියන සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

  1. මෙම සලාක ක්‍රමය ක්‍රියාත්මක කරන්න තිබුණේ මේ ප්‍රශ්නය මතු වු මුල් අවදියේමයි… මේ අවස්ථාවේ බොර දියේ මාලු බාන පුද්ගලයන් කූට ලෙස ඉන්ධන අසාමාන්‍ය ලෙස රැස් කරන නිසා අමාරුවේ වැටෙන්නේ රැකියා කරන කොටසයි.. එම නිසා මෙම සලාක ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25