spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීම ළඟදීම

දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සිදු කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සහ ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳව පෙර දිනයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවිය සහ යෙදවුම මඟින් ප්‍රකාශයට පත් කර කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2600කට සීමා කරමින් ඉන්ධන නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා ඇත්තේ ටැංකි රථ 450ක් පමණ බැවින් එක් දිනක් තුළ සියලු පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට හෝ එක් පිරවුම්හලකට එක් දිනක දී කිහිපවරක් ඉන්ධන නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඒ, අනුව පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමාණයට සරිලන පිරිසකට වඩා වැඩියෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කියන සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?