අරංගල කඳු තරණයට ගිය තරුණයා දින 03 කට පසු සොයා ගැනේ (ඡායාරූප)

මාතලේ – නාවුල – අරංගල කඳු පන්තිය තරණය කිරීමට ගොස් දින 3ක සිට අතුරුදන්ව සිටි සරසවි සිසුවා ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලීසිය, දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සිසුවා සොයාගත් බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය 4 වනදා නාඋල – අරංගල  පර්වතය තරණය කිරීම සඳහා පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් සිසුවා පිළිබඳව දෙමාපියන් පේරාදෙණිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ අරංගල පර්වතය තරණය කිරීම සඳහා තරුණයෙකු විශාල බෑගයක්ද සහිතව ගමන් කළ බවට කාන්තාවක් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

ඉන් අනතුරුවයි පොලීසිය ඒ පිළිබඳව විමර්ශනය කොට සිසුවා සොයාගනු ලැබුවේ.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

තරුණයා සොයා නාවුල පොලිසිය සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ උදෑසන 8.30 ට පමණ අරංගල පර්වතය තරණය කිරීම ආරම්භ කළා.

පැය 3ක පමණ මෙහෙයුමකින් පසු අරංගල කඳු පංතියේ තුන්වන කන්දේ බෑවුම් ප්‍රදේශයකදී තරුණයා සොයාගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහයෙන් ඔහු කඳු පාමුලට රැගෙන විත්  තිබෙනවා.

මීටර් 782ක උසින් යුත් අරංගල කන්ද තරණය කිරීම පහසු කාර්යයක් නොවන අතර මෙම සරසවි සිසුවා කන්දට නැග ඇත්තේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳ නාවුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

261866 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08