වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තිබූ සහල් කිලෝ 30,000ක් අකුරස්සෙන් මතුවෙයි (ඡායාරූප)

අකුරැස්ස නගරයේ වෙළදසැල් තුළ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරනු ලබන බවට සහ සහල් සඟවාගෙන සිටින බවට ලද පැමිණිලි මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (13) අදාල වෙළෙඳසැල් වටලා තිබෙනවා.

එහිදී පාලන මිලට වඩා වැඩි මිලට විකිණීමට ගබාඩා කර තිබූ සහල් කිලෝග්‍රෑම් තිස් දහසකට අධික සහල් තොගයක් සොයා ගැනිමට පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන්ට හැකියාව ලැබුණා.

උපාය දූතයින් යොදවා මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී වෙළඳසැල් හිමියෙක් විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 270ක මුදලකට එම උපාය දූතයන්ට අලෙවි කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව එම අධිකාරියේ අනෙකුත් නිලධාරින් පැමිණ වෙළඳසැලේ ගබඩා තුළ සිදුකළ සෝදිසි කිරිම් වලදී වැඩි මිලට විකිණීමට ගබඩාකර තිබූ මෙම සහල් තොගය සොයා ගැනිමට හැකිව තිබෙනවා.

සුදු හා කැකුළු යන දෙවර්ගයටම අයත් සහල් උරවල බහා එහි ගබඩා කර තිබූ අතර එහි තිබි කිලෝග්‍රෑම් 50 හාල් මිටි 310ක්, කිලෝග්‍රෑම් 25 හාල් මිටි 450ක් හා කිලෝග්‍රෑම් 10 හාල් මිටි 420ක් සොයා ගැනුණා.

වෙළඳසැලේ හිමිකරු එහිදී කියා සිටියේ තමන් මෙම සහල් පාලන මිල පැනවීමට පෙර රැගෙන ආ ඒවා බවත් තමන් මෙම සහල් මිලදී ගත් මිල හා සැසදිමේදී පාලන මිලට කිසිසේත් හාල් ලබාදිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම සහල් බහා තිබු උරවල සහල් නිෂ්පාදිත වර්ෂය ලෙස 2021 වර්ෂය සදහන්ව තිබුණා.

මේ අතර අකුරැස්ස නගරයේ තවත් වෙළඳසැලැක් තුළ සිදුකළ වැටලිමකදී අලෙවි කිරීමට තබා තිබූ ඇසුරුම් කරන ලද හාල් උරවල මිල සදහන් ස්ටිකර ගලවා තිබූ තවත් සහල් තොගයක් සොයා ගැනිමට හැකිව තිබෙනවා.

ඒ අනුව මෙම වෙළඳසැල් වලට වැඩි මිලට සහල් විකිණිමේ චෝදනාව හා නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය යනාදී තොරතුරු සටහන් නොකර භාණ්ඩ අලෙවි කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරිමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 06 13 at 7.25.13 PM
WhatsApp Image 2022 06 13 at 7.25.16 PM
WhatsApp Image 2022 06 13 at 7.25.17 PM
WhatsApp Image 2022 06 13 at 7.25.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?