ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි.

එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් පත්කර ඇති බව අදාල ට්විටර් සටහනේ සඳහන්.

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවේ පසු ගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව දැඩි අවදානයක් යොමු වුණා.

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ පසු ගියදා එම ප්‍රකාශය සිදුකළ අතර, පසුව ඔහු ලිපියක් මඟින් කෝප් කමිටුවට දන්වා තිබුණේ ඉන්දීය අගමැතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවයි.

කෝප් කමිටුවේ දී තමා විසින් කරන ලද පැහැදිලි කිරීමේ දී තිබූ පීඩනය සහ හැගීම් හේතුවෙන් අදාළ ප්‍රකාශය කිරීමට සිදුවූ බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12