ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා සිට

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා (15) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් වන සහ ඇතුළත් වන නම් ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම මෙම මස 15 වන දින සිට ජුලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇත.

එමෙන්ම හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීම ද මෙම කාලසීමාව තුළ සිදුකෙරෙන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමු වී අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, එසේ නොමැතිනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් විමසීම් කරන ලෙසත් ජනතාවට දැනුම්දෙනවා.

එළඹෙන ඔක්තෝබර් මස 31 වැවනදා අදාල ඡන්ද නාමලේඛන සහතික කිරීම සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03