spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා සිට

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා (15) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් වන සහ ඇතුළත් වන නම් ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම මෙම මස 15 වන දින සිට ජුලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇත.

එමෙන්ම හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීම ද මෙම කාලසීමාව තුළ සිදුකෙරෙන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමු වී අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, එසේ නොමැතිනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් විමසීම් කරන ලෙසත් ජනතාවට දැනුම්දෙනවා.

එළඹෙන ඔක්තෝබර් මස 31 වැවනදා අදාල ඡන්ද නාමලේඛන සහතික කිරීම සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?