මුහුණු පොතෙන් මිතුරු වූ කත මිලියන ගණනක රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලා ගිහින්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හමුවූ කාන්තාවක් විසින් පුද්ගලයෙකුගේ මුදල් සහ රන් අභරණ කොල්ල කා පලා ගිය පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාව සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියට විසින් අදාල පුද්ගලයා සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත ගොස් මත්පැන් පානය කරමින් සිටියදී එම පුද්ගලයා සිහිසුන් කිරීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු කලක් දකුණු කොරියාවේ රැකියාව කර පසුව මෙරටට පැමිණ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

සිය මිතුරෙකු සහ ෆේස්බුක් හරහා මීට දින කිහිපයකට පෙර හඳුනාගත් අදාල කාන්තාව සමඟ මෙම පුද්ගලයා මිතුරාට අයත් මෝටර් රථයෙන් ඊයේ (10) තිස්සමහාරාම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් තිස්මහාරාම, තිස්ස වැව ආසන්නයේ ලැඟුම්හලක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව විසින් ඔහුන් දෙදෙනාට යම් පානයක් ලබාදී සිහිසුන්කර ඔහු සතුව තිබූ රුපියල් 2,751,000ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවල දී තිස්සවැව ආසන්නයේ ස්ථානයක දමාගොස් තිබියදී ඔවුන් පැමිණි මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17