spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුණු පොතෙන් මිතුරු වූ කත මිලියන ගණනක රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලා ගිහින්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හමුවූ කාන්තාවක් විසින් පුද්ගලයෙකුගේ මුදල් සහ රන් අභරණ කොල්ල කා පලා ගිය පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාව සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියට විසින් අදාල පුද්ගලයා සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත ගොස් මත්පැන් පානය කරමින් සිටියදී එම පුද්ගලයා සිහිසුන් කිරීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු කලක් දකුණු කොරියාවේ රැකියාව කර පසුව මෙරටට පැමිණ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

සිය මිතුරෙකු සහ ෆේස්බුක් හරහා මීට දින කිහිපයකට පෙර හඳුනාගත් අදාල කාන්තාව සමඟ මෙම පුද්ගලයා මිතුරාට අයත් මෝටර් රථයෙන් ඊයේ (10) තිස්සමහාරාම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් තිස්මහාරාම, තිස්ස වැව ආසන්නයේ ලැඟුම්හලක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව විසින් ඔහුන් දෙදෙනාට යම් පානයක් ලබාදී සිහිසුන්කර ඔහු සතුව තිබූ රුපියල් 2,751,000ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවල දී තිස්සවැව ආසන්නයේ ස්ථානයක දමාගොස් තිබියදී ඔවුන් පැමිණි මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?