ජල විදුලි බලාගාර කිහිපයක් වැඩ නැහැ…

දිවයිනේ සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන බව සහ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම මාධ්‍යයට පවසයි.

එසේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බව ද එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සඳහන් කර සිටී.

ඒ අතරම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (08) රාත්‍රී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවය.

විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණි.වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන 8.00 වන විට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවනු ඇති බව අදාළ වෘත්තීය සමිති සඳහන් කළේය.

නමුත් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට ඇති බවට වාර්තා වේ.විදුලි ඉංජිනේරු සංගමය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලිබලය ඇනහිටීම් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?