ජල විදුලි බලාගාර කිහිපයක් වැඩ නැහැ…

දිවයිනේ සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන බව සහ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම මාධ්‍යයට පවසයි.

එසේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බව ද එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සඳහන් කර සිටී.

ඒ අතරම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (08) රාත්‍රී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවය.

විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණි.වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන 8.00 වන විට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවනු ඇති බව අදාළ වෘත්තීය සමිති සඳහන් කළේය.

නමුත් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට ඇති බවට වාර්තා වේ.විදුලි ඉංජිනේරු සංගමය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලිබලය ඇනහිටීම් සිදුව ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06