ප්‍රවීණ නිළිය මියුරි සමරසිංහ ජීවන රගමඩලින් සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ අද (06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය. අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය.

මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඇය අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම් හැදැරුවාය. පසුව සුදර්ශි ආයතනයේ නැටුම් ගුරුවරියක් ලෙස සේවය කළාය.

වයස අවුරුදු 17 දී විවාහ වූ ඇය වයස අවුරුදු 24 වන විට දරුවන් හතර දෙනෙකුගේ මවකවී සිටියාය. ඇය සිය සැමියා වන පියල් සමරසිංහව මුණගැසුණේ පාසල් අවධියේදීය. මෙම යුවළට දියණියන් තිදෙනෙක් සිටී – සුජීවා, දීප්ති, අවන්ති – සහ එක් පුතෙකු වන රුවන්ය. දීප්ති සහ අවන්ති නිවුන් දරුවන් ය. ඇගේ ස්වාමිපුරුෂයා වූ පියල් 1979 දී මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16