ඩීසල් පෝලිමේ ඉන්න මිතුරන්ට සුබ පුවතක්…

පසුගිය දිනවල පැවති දැඩි ඩීසල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට දිවයින පුරා නිසි ක්‍රමවේදයකට ඩීසල් බෙදා හැරීම සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක මහතා පැවසුවා.

ඒ, අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව දිවයින පුරා විසිරි තිබෙන පිරවුම්හල් වෙත ක්‍රමවේදයකට යටත්ව ඩීසල් ලැබෙමින් තිබෙන බව ඊයේ සහ අද දින ලැබෙන තොරතුරු වලින් තහවුරු වී තිබෙන බවයි සදනායක මහතා කියා සිටියේ.

මෙහිදී සිදුවන්නේ දිස්ත්‍රික්කවල තෝරා ගැනුණු පිරවුම්හල් වෙත එම ඉන්ධන තොග ලැබීමට සැලැස්වීම බව ඔහු පැවසුවා.

උදාහරණයක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කය ගතහොත් ඇති සමස්ත පිරවුම්හල් ප්‍රමාණය 43ක් පමණ වුවත් එයින් භාගයකට පමණ ඩීසල් ලැබෙමින් පවතින බව සදනායක මහතා සඳහන් කළා.

පිරවුම්හල් වෙත ඉන්ධන ලැබීමේ විශේෂ සීමා කිරීමක් නැති අතර සාමාන්‍යයෙන් අලෙවි කරන ප්‍රමාණයට වඩා මේ වන විට හතරගුණයකට වැඩි ප්‍රමාණයක් අලෙවි කළද පෝලිම් නතර නොවීම ප්‍රශ්නයක් බවයි ඔහු සඳහන් කළේ.

නිසි ලෙස තෙල් බෙදාහැරීම සිදුවන නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කිරීමෙන් වළකින ලෙස පැවසූ ඔහු තවදුරටත් කියාසිටියේ ඉන්ධන නොමැති වුවහොත් මුළු රටටම එය නැති වන බවයි.

මේ අතර ඇතැම් කොටස් කලහකාරී ලෙස හැසිරීම ඉතා ආවසනවනත තත්ත්වයක් බවත් 70%කට වැඩි පිරවුම්හල් වෙත හමුදාව සහ පොලීසියේ ආරක්ෂාව ලැබී තිබෙන බවත් කලහකාරී තත්ත්වය ටිකක් හෝ සමනය වූයේ එම ආරක්ෂාව යෙදවීමෙන් පසුව බවත් සදනායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12