පළමු 20-20 තරග දෙක සඳහා ඔන්ලයින් ටිකට් වෙන්කරවා ගත් ප්‍රේක්ෂකයින්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරග දෙක සඳහා ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශපත් වෙන්කරවා ගත් ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ දැනුම්දීමක් කරනවා.

එම ආයතනය දැනුම් දෙන්නේ මෙලෙස ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වෙන්කරවා ගත් ප්‍රවේශපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපිත ප්‍රවේශපත් කවුන්ටරයෙන් ලබාගත හැකි බවයි.

එමෙන්ම අදාල තරග පැවැත්වෙන දිනවලදී එම කවුන්ටරයෙන් පමණක් එලෙස වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ අනුව අදාල ප්‍රවේශ පත් තරග පැවැත්වෙන දිනයන්වලදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිකුත් නොකරන බවයි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් දැනුම් දෙන්නේ.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය අනිද්දා (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14