spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු 20-20 තරග දෙක සඳහා ඔන්ලයින් ටිකට් වෙන්කරවා ගත් ප්‍රේක්ෂකයින්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරග දෙක සඳහා ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශපත් වෙන්කරවා ගත් ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ දැනුම්දීමක් කරනවා.

එම ආයතනය දැනුම් දෙන්නේ මෙලෙස ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වෙන්කරවා ගත් ප්‍රවේශපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාපිත ප්‍රවේශපත් කවුන්ටරයෙන් ලබාගත හැකි බවයි.

එමෙන්ම අදාල තරග පැවැත්වෙන දිනවලදී එම කවුන්ටරයෙන් පමණක් එලෙස වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ අනුව අදාල ප්‍රවේශ පත් තරග පැවැත්වෙන දිනයන්වලදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිකුත් නොකරන බවයි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් දැනුම් දෙන්නේ.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය අනිද්දා (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?