පෞද්ගලික බස් ධාවනය අඩු වෙයි – ගෑස් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට

ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා ඉන්ධනහල් රැසක දිවා – රෑ පුරා අඛණ්ඩ පෝලිම් තවදුරටත් පවතිනවා.

මේ අතර තොග ගබඩා පර්යන්තයේ ඩීසල් සහ තොග සීමිත වීම හේතුවෙන් බෙදාහැරීම් ද සීමාසහිත වී තිබෙනවා.

එමෙන්ම යළි ඉන්ධන රැගත් නෞකාවක් ලබන 16 වනදා පැමිණෙන තෙක් පෙට්‍රල් බෙදාහැරීම් ද අඩු වශයෙන් සිදු කරන බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඇතැම් ලංගම ඩිපෝ අසල බස්රථ පොලිම්ද පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ලංගම ඩිපෝ මඟින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් හෙට (05) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම ලාෆ් සමාගම සඳහා ගෑස් රැගත් නෞකාවක් අද (04) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව එම සමාගම සඳහන්කර සිටියා.

ඒ අනුව එහි ගොඩබෑම් සිදු කිරීමෙන් අනතුරුව ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48