මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට (01)දිනයේ දී යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇති.
මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඔහු වෙත පිළිගන්වනු ලැබුවා.
















Lost all respect for Shavendra Silva when he referred to the 9th May mayhem to be a ‘sulu deyak’ ! 9 lives lost and over 70 private properties torched – and he failed to act after repeated requests from both Prez and MR apparently. Disgusted that he has been rewarded with another high post. Gota IS a madhatter