spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව යුද හමුදාපති පත්වීම් ලබයි – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට (ඡායාරූප)

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට (01)දිනයේ දී යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇති.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඔහු වෙත පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?