ඉස්සරහට කන්නත් නැති වෙන එක හොඳටම විශ්වාසයි…

රටේ මේ වන විට පවතින තත්වය යටතේ රාජ්‍ය සේවකයින්ගේ පමණක් වැටුප් වැඩිකිරීම නොව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයින්ගේ ප්‍රවාහන සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා යම් කිසි දීමනාවක් ලබා දීමට කටයුතු කිරීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ මහතා පවසනවා.

අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ අදහස් දක්වා සිටියේ.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ අද වනවිට සේවයට වාර්තා කිරීම පවා දැඩි වියදමක් වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් පලකල මායාදුන්නේ මහතා කියා සිටියේ ඉදිරියේදී උග්‍ර ආහාර හිගයකට මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවන බව ඉඳුරාම තමාට විශ්වාස බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?