කෘෂි ඇමති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලපු දේ ….

දිවයිනේ ඇති වගා කළ හැකි සෑම බිම් කඩකම වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අනාගතයේ දී රට තුල ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති, ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරනයෙන් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා,

“ඉදිරියේදී ඇතිවෙන්නට තිබෙන ආහාර අර්බුදයෙන් මිදෙන්න ක්‍රියාමාර්ග ගතහැකිව තිබෙන්නේ අප සමග එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒ නිසා මේ රටේ වගාකරන්න පුළුවන් හැම තැනකම කුමන හෝ දෙයක් වගාකිරීමේ කාර්යයට ප්‍රවේශවීමේ වැදගත්කම සිහිපත් කරන්න කැමතියි. රජයේ සේවකයින් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන්න ට යනවා ස්ථාන පිහිටි භූමියේ වගාකිරීමේ කටයුතුවලට ප්‍රවේශ වෙන්න කියලා.

ඒ වගේම රජයේ තීන්දුවක් දෙනවා දින 5ම වැඩකරන්න අවශ්‍ය නැහැ කියන එක පිළිබඳවත්. ඒ නිසා ඒ ඉතිරිවෙන කාලය නිකරුණේ ගතකරන්නේ නැතුව කුමන හෝ දෙයක් තමන්ගේ ගෙවත්තේ වගාකරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.

ඒ වගේම විශාල පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් වගාකරන්නේ නැතුව තියෙනවා. ඒවා තාවකාලිකව භාරගෙන වගාකරන්න. ඒ නිසා අපි රට පුරා වගා සංග්‍රාමය ක්‍රියාත්මක කරලා ලෝකය මුහුණදෙන ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සූදානම් කරන්න අවශ්‍ය සියලු පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඒ වෙනුවෙන් සම්පූර්ණ අපේ කැපකිරීම අපි කරනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14