spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි ඇමති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලපු දේ ….

දිවයිනේ ඇති වගා කළ හැකි සෑම බිම් කඩකම වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අනාගතයේ දී රට තුල ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති, ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරනයෙන් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා,

ඉදිරියේදී ඇතිවෙන්නට තිබෙන ආහාර අර්බුදයෙන් මිදෙන්න ක්‍රියාමාර්ග ගතහැකිව තිබෙන්නේ අප සමග එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒ නිසා මේ රටේ වගාකරන්න පුළුවන් හැම තැනකම කුමන හෝ දෙයක් වගාකිරීමේ කාර්යයට ප්‍රවේශවීමේ වැදගත්කම සිහිපත් කරන්න කැමතියි. රජයේ සේවකයින් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන්න ට යනවා ස්ථාන පිහිටි භූමියේ වගාකිරීමේ කටයුතුවලට ප්‍රවේශ වෙන්න කියලා.

ඒ වගේම රජයේ තීන්දුවක් දෙනවා දින 5ම වැඩකරන්න අවශ්‍ය නැහැ කියන එක පිළිබඳවත්. ඒ නිසා ඒ ඉතිරිවෙන කාලය නිකරුණේ ගතකරන්නේ නැතුව කුමන හෝ දෙයක් තමන්ගේ ගෙවත්තේ වගාකරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.

ඒ වගේම විශාල පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් වගාකරන්නේ නැතුව තියෙනවා. ඒවා තාවකාලිකව භාරගෙන වගාකරන්න. ඒ නිසා අපි රට පුරා වගා සංග්‍රාමය ක්‍රියාත්මක කරලා ලෝකය මුහුණදෙන ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සූදානම් කරන්න අවශ්‍ය සියලු පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඒ වෙනුවෙන් සම්පූර්ණ අපේ කැපකිරීම අපි කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?